විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg

Latest News

අප විද්‍යාලයේ අවුරුදු උත්සවය

2024.04.10 අප විද්‍යාලයේ අවුරුදු උත්සවය අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබීය. විදුහල්පතිතුමාගේ ද උපදෙස් මත පැවැත්වූ මෙම උත්සවය සඳහා පාසල් සිසුන් සියලූම දෙනා සහභාගි විය. සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට මුල් තැන දී කිරි උතුරවා උත්සවය ආරම්භ කළ අතර චාරිත්‍රානුකූලව ආහාර අනුභවයද අනෙකුත් චාරිත්‍රද උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි. පාසල් සිසුන්ගේ නර්තනාංග බොහොමයකින් මෙම උත්සවය වර්ණවත් විය. තවද මෙම උත්සවයේ අවුරුදු ක්‍රීඩා කිහිපයක්ද සිසුන් වෙනුවෙන් පැවැත්වුණි. පාසල් ආදි ශිෂ්‍යන් හා දෙමාපියන්ද මෙයට සහභාගි වෙමින් සහයෝගය දැක්වීය. ආදි ශිෂ්‍යයන්ද තරග සදහා සහභාගි වෙමින් සතුටු වන්නට විය. අති උත්කර්ශවත් අන්දමින් හා සාර්ථක ලෙස අප විදුහල් අවුරුදු උත්සවය එදින ප.ව.4:00 වන විට අවසමන් වී සියලු දෙනා සතුටින් විසිර ගියහ.

2024 සතුටු කඳවුර

2024 සතුටු කඳවුර 2024.08.15 වන දින පාසල් ක්‍රීඩා පිටිය සහ පන්ති කාමර භාවිතයට ගනිමින් ඉතා අලංකාරවත් අයුරින් පැවැත්විය. මෙය පවත්වනු ලැබූවේ ප්‍රාථමික අංශය මූලික කරගෙනය. මේ සදහා විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන්ද සහභාගී විය. ප්‍රාථමික අංශභාර සුජාතා දයාංගනී ගුරුතුමියගේ ප්‍රධානත්වයෙන් සියලුම ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ සහයෝගයෙන් සහ විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරුතුමියගේ සහයෝගයෙන් මෙම කදවුරේ වැඩ කටයුතු සාර්ථකව සිදු කෙරිණි. තවද මේ සදහා විදයාලයේ විදුහල්පතිතුමාගේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම වැඩ කටයුතු සිදු වූ අතර පාසලේ සියලුම ආචාරමණ්ඩලයේ සහයෝගයෙන් මෙම සතුටු කදවුර සාර්ථකව නිම කරන්නට විය.

අප පාසලේ ළමා දිනය හා ගුරු දිනය

2024.10.07 වන දින අප පාසලේ ළමා දිනය හා ගුරු දිනය ඒකාබද්ධ කොට අති උත්කර්ශමත් අන්දමින් පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.උදේ 8.00 පමණ වන විට පාසලේ සියලු ගුරුවරුන් සහ සිසුන් ප්‍රධාන ශාලාවට පැමිණීයහ.පොල්තෙල් පහන දැල්වීමෙන් පසු පාසලෙ සියලුම සිසුන්ට සිහිවටනයක් ලබා දුණි.ගුරු දින සිහිවටනයක්  ලෙස සියලුම ගුරුවරුන්ට පැලයක් ලබා දීමට කටයුතු කරන ලදී.පසුව සිසුන්ගේ හා ගුරුවරුන්ගේත් නැටුම්,ගැයුම් වලින් ළමා හා ගුරු දින උත්සවය එලෙස වර්ණ ගැන්විණී.ප්‍රධාන ශාලාවේ පැවති උත්සවය අවසන් වූ පසු ගුරුවරුන්ට ළමයින් විසින් තේ පැන් සංග්‍රහයක් ද ලබා දුණි.ගුරුවරුන් විසින්ද සිසුන්ට සංග්‍රහයක් ලබා දුණි. සියලු දෙනා සතුටින් විසිර ගියහ.