විදුහල්පති පණිවිඩය
ඩී.එම්.මහින්ද්‍ර බණ්ඩාර
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන මො/ හිඟුරුකඩුව මහා විද්‍යාලය ඌව පළාතේ මොනරාගල කළාපයේ පිහිටා ඇති කීර්තිමත් විද්‍යාලයකි.හිඟුරුකඩුව ප්‍රදේශයට පමණක් සීමා නොවී විවිධ ප්‍රදේශ වලින් අකුරු කරන්නට පාසල වෙත පිය නගන දුවා දරුවන් පිළිබඳ මා තුළ ඇත්තේ ඉමහත් ප්‍රසාදයකි.
ක්‍රීඩා, නර්තන, සිංහල භාෂා, ඉංග්‍රීසි භාෂා, සමාජ විද්‍යා තරඟ වලින් පාසල්,කොට්ටාශ,කළාප,පළාත්,සමස්ථ ලංකා මට්ටමින් ලබා ඇති ජයග්‍රහණ රාශියකට හිමිකම් කියන අප පාසලේ දරුවන් තුළ සැගවී ඇති දක්ෂතාවයන් බොහෝය. එසේ දරුවන් තුළ සැඟවී තිබුන කුසලතාවයක් වන තොරතුරු තාක්ෂණ දැනුම උපයෝගී කර ගනිමින් වෙබ් අඩ්වි සංවර්ධ්න වැඩසටහනක් පැවැත්වීම හා ඒ සදහා අප පාසලේ දුවා දරුවන් දායක කර ගැනීම සම්බන්ධයෙන් මාගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමි. තවද, අප පාසලේ වෙබ් අඩවියට පිවිස ඕනෑම පුද්ගලයෙකුට අප පාසලේ තොරතුරු නැරඹීය හැකි ආකරයට මෙම වෙබ් අඩවිය තව දුරටත් සංවර්ධ්නය කිරීමට ශක්තිය ලැබේවායි මාගේ ඒකායන ප්‍රාර්ථ්නයයි.
ඩී.එම්.මහින්ද්‍ර බණ්ඩාර
විදුහල්පති
මො/ හිඟුරුකඩුව මහා විද්‍යාලය.





