විශේෂ නිවේදනයි!

WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg
WhatsApp Image 2024-11-20 at 13.25.39_b5812d14.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කෙ.එම්.සුනීතා මාලනී

මො/හිගුරුකඩුව(නවෝද්‍යා) මහ විද්‍යාලයෙන් අ.පො.ස (උ/පෙළ) දක්වා අධ්‍යාපන ලැබූ ආදි ශිෂ්‍යෙක් ලෙසත්, වැඩි කාලයක් සේවය කළ ගුරුවරියක් ලෙසත් මෙම පනිවිඩය ලිවීම පිලිබදව මම භාග්‍යක් ලෙස සලකමි.පලමුවෙන්ම මම විද්‍යාලය වෙනුවෙන් සුභ පැතුම් එක් කරමි.

මෙම විද්‍යාලය ආරම්භ කර සියවසක් සපුරාලීමට ආසන්නවන මොහොත වන විට විවිධාකාර ජයග්‍රහණ සහ දියුනු වීම් පිලිබදව මම අත් වින්දෙමි.ගුරු භවතුන් සහ දෙනුකු පමන ඉගැන්වීම් කටයුතු කල හිගුරුකඩුව කනිශ්ඨ විද්‍යාලය මේ වන විට කාර්‍යය මණ්ඩලය පනහක් පමන සේවය කරන නවෝද්‍යා පාසලක් දක්වා දියුනු වී ඇත.මේ අතර තුර පර්ෂද මූලස්ත මහා විද්‍යාලයක් ලෙසද කලක් පැවතුනි.මෙම කාල වකවානු තුල සිසුන් විශාල ජයග්‍රහණ ලබා ඇති අතර බොහෝ දෙනෙක් උසස් රැකියා ස්ථාන වලද නිරතව ඇත.විශ්ව විද්‍යාල වරම් ලබන පිරිසද අති විශාලය.

පුද්ගල පෞරෂ දියුනුව සදහාත් අධ්‍යාපන මට්ටම් දියුනු කර ගැනීම සදහාත් විද්‍යාලයේ ගුරු මණ්ඩලය විශාල වශයෙන් කැප කිරීම් කරමින් දැනුම,ආකල්ප,කුසලතා වර්ධනය සදහා ඉගැනුම් ඉගැන්වීම් කටයුතුත්,විශය සමගාමි කටයුතුත් නොපිරිහෙලා ඉටු කරති.

මෙවන් විද්‍යාලයකින් අධ්‍යාපන ලබන ආදරණීය දරු දැරියන් ඉතාමත් වාසනාවන්ත බව මාගේ හැගීමයි.දේවත්වයෙන් පිදුම් ලැබිය යුතු මෙම විද්‍යාලය සහ දරු දැරියන්,කාර්‍යමණ්ඩලය සහ සියුලු දෙනාට මම ප්‍රශංසාත්මකව ආශිර්වාද කරමි.විද්‍යාලය දිගුකල් යෙහෙන් වැජඹේවා!යි යන්න මගේ පැතුමයි...  

 

කෙ.එම්.සුනීතා මාලනී
නියෝජ්‍ය විදුහල්පතිනිය
මො/හිගුරුකඩුව මහ විද්‍යාලය.