මෙම විදුහල පිහිටියේ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිඟුරුකඩුව ග්‍රාම නිලධාරී වසමේ කිරිමලේ නම් ග්‍රාමයේය.පස්සර පැල්වත්ත මහා මාර්ගයේ එකොළොස් වැනි සැතපුම් කණුව පිහිටි ස්ථානය විදුහලට පැමිණීමේ මඟ පෙන්වයි.බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස 1920 කොළ අතු සෙවිලි කළ මඩුවක් ළමයින් 17 ගෙන් ආරම්භ වී ඇති මෙම විදුහලේ පළමු මුල් ගුරුවරයා වී ඇත්තේ වයි.ආර්. ගුණරත්න මහතාය.එවකට මෙහි පාලන කාර්යාලය වී ඇත්තේ බදුල්ල අධ්යාපන කාර්යාලයයි.එක්දාස් නවසිය තිහේ දී ළමයින් පනස් නමයක් දක්වා වැඩිවී ඇති අතර අටවැනි පන්තිය දක්වා පන්ති පවත්වා ඇත. 1933 සිට 1950 දක්වා දීර්ඝ කාලයක් මුල් ගුරුවරයා වශයෙන් සේවය කර ඇත්තේ පී බී වීරසිංහ මහතාය. 1961 මෙහි විදුහල්පති ලෙස පත්ව පස්සර වරාදොල ගමේ උපන් ආර් එම් පී. රත්නායක මහතා. එක්දහස් නමසිය හැටතුනේ දී ජ්යෙෂ්ඨ විභාගය සඳහා පළමු වරට ළමයින් ඉදිරිපත් කොට ඇත.
1965 දී ස්ථාන මාරුවක් ලැබූ ඒ මහතා 1971 සිට 1973 දක්වා යළිත් වරක් මෙහි විදුහල්පති ලෙස සේවය කර ඇත. 1978 දී තුන්වැනි වරටද මෙහි විදුහල්පති ලෙස පත් වුණු රත්නායක මහතා 1980 දී මහා විද්‍යාලයක් බවටත් 1987 දී පර්ෂද මූලස්ථ විදුහලක් බවටත් උසස් කිරීමට සුදුසු පසුබිමක් ගොඩනගා තිබීම කෘතවේදීව සඳහන් කළ යුතුය.කනිටු විදුහල්පති ලෙස පත්ව ආ රත්නායක මහතා මහා විදුහල්පති පර්ශද විදුහල්පති තනතුරු හොබවමින් සිට 1988.10.15 වන දින විරාම ලබා ඇත.
1988.10.15 දින සිට 1989.06.01 දින දක්වා එවකට විදුහලේ ජෙයශ්ට උප ගුරුවරයාව සිටි ඩී.ඩබ්ලිව්. ජයතිස්ස ද සිල්වා මහතා විදුහල්පති ලෙස වැඩ ආවරණය කොට ඇත. 1989.06.01 සිට 1990.12.31 දින දක්වා සුමන ඩයස් බෝපිටිය මහතා විදුහල්පති ලෙස සේවය කර ඇත එක. 1920 සිට 1992 දක්වා කාලය තුල විදුහල්පතිවරු 16 දෙනෙකුගේ සේවය මෙම විදුහලට ලැබී තිබේ. දැනට මෙම විදුහල පාලනය වන්නේ මොනරාගල කොට්ඨාස අධයාපන කාර්යාලයෙනි.
1984 දී මොනරාගල දිස්ත්රික්කයෙන් වැඩිම ප්‍රතිශතයක් මෙම විදුහලෙන් 5 වසර ශිශ්‍යත්ව විභාගය සමත් වී තිබීම වාර්තාගත සිද්ධියකි. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ සුදුසුකම් ලැබිය. ශිශ්‍යත්ව හිමිකම් ලැබූ සංඛයාව දහයකි. 1985 දී දැනුම මිනුම තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම සුවිශේෂී සිදුවීමකි.1983 දී උසස් පෙළ කලා පන්ති ආරම්භ වී 1986 දී පළමුවරට සිසුවියක් විශ්වවිද්යාලයට ඇතුළු වී ඇත. 1963 සිට මේ දක්වා විශාල පිරිසක් අපොස සාමානය පෙළ හා උසස් පෙළ සමත්වී සිටී.
1991 දී වයස දාහතෙන් පහළ ගැහැණු උස පැනීමේ පළාත් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනු ඩී .එම් මල්කාන්ති ස්වර්ණලතා ශිෂයාව එම වසරේ සමස්ත ලංකා තරගයෙන් පස්වන ස්ථානය ලබා ගත්තාය.එම අවුරුද්දේම වයස දහනවයෙන් පහළ පිරිමි උස පැනීමේ පළාත් තරගයෙන් ආර්. ඩී. සුනිල් ආනන්ද ශිෂය්‍යා ප්‍රථම ස්ථානය දිනා සමස්ථ ලංකා තරගයට ඉදිරිපත් වී ඇත. 1990 ඌව පළාත් සාහිත්‍ය උත්සවයේදී තුරගා වන්නම කණිෂ්ඨ (පිරිමි) මිශ්‍ර පන්තේරු ජෙයශ්ට, උඩරට මඟුල් බෙර වාදනය ජෙයශ්ට (පිරිමි) කොට්ඨාස තරගවලින් ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත. කේ ඩබ්ලිව්. රවීන්ද්‍ර ශිෂයයා උඩරට මඟුල් බෙර වාදනයේ ඌව පළාත් ජ්යෙෂ්ඨ පිරිමි තරගයේදී දෙවන ස්ථානය දිනා ගෙන ඇත. 1988 දී ඒකල ගැහැණු උඩරට මඟුල් බෙර වාදනය සමස්ථ ලංකා තරගය සඳහා ඉදිරිපත් වී ඇත්තේ මෙම විදුහලේ ඩී එම්. ශානිකා දිසානායක ශිෂයාවයි. 1987 දී අන්තර් විද්‍යාල්‍යීය නෘත තරඟයේදී සමුද්‍රදේවී නාට්‍ය ඉදිරිපත් කොට ප්‍රාදේශීය තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගත්තේ මෙම විදුහලයි . වාර්ෂිකව පැවැත්වෙන සිංහල භාෂා දින තරඟ වලදී ජය ලැබූ ශිශ්‍ය පිරිස ද බොහෝ ය.
90විදුහලේ වර්තමාන ශිෂය සංඛයාව 761 වන අතර ගුරු මණ්ඩලය 43 කි.පළමු වසරේ සිට 13 වසර දක්වා පන්ති විසිඑකක් පැවැත්වේ. මෙහි දැනට ඇති ස්ථිර ගොඩනැගිලි අතර වර්ග අඩි 6,150 වූ පන්ති කාමර වෙන් නොකළ ශාලා හතරක් ද සාමානය පෙළ විද්‍යාගාරයක් ද පුස්තකාල කාමරයක් ද යාබද ගුරු නිවාසයක් ද විදුහල්පති නිවාසයක්ද වේ. විද්‍යාගාරය, පුස්තකාලය, 100*20 ගොඩනැගිල්ල මොනරාගල දිස්ත්‍ර්‍රීක් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ නෝරාඩී ව්‍යාපෘතිය මගින් 1989/90/91 වර්ෂවලදී ඉදිරිපත් කොට ඇත.පන්ති පැවැත්වීමට ඉඩ මදිවීම නිසා දෙගුරුන් විසින් සාදා දෙන ලද කුඩා කුඩා මඩු දෙකක්ද ගුරු දෙගුරු සිසු පිරිස ගේ උත්සාහයෙන් තනාගත් නැටුම් ශාලාවක් ද මෙහි තිබේ. ආගමික කටයුතු ඉටුකිරීම සඳහා ගුරු දෙගුරු සිසු සම්මාදමෙන් තැනූ බුදු මැදුරක් තිබීමද විශේෂයකි.
නියෝජ්ය විදුහල්පති වශයෙන් බී.ජේ.එම්.කේ උල්විට මහතාද ප්‍රාතමික අංශ ප්‍රධාන ලෙස ඩබ්ලිව් ඒ. කුසුම්ලතා මහත්මිය ද, ද්විතීක අංශ ප්‍රධාන ලෙස ඩී එම්. ජයතිලක මහතාද විදුහලේ පාලන කටයුතුවලට සහාය වී තිබේ. විනය මණ්ඩලය උපාධි පුහුණු හා අභ්‍යාසලාබී ගුරුවරු 11 සමන්විත විය. විනය සෞන්දර්ය අංශය, ඒ.බී. වනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද ක්‍රීඩා අංශය ඒ .සමන් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ද ක්‍රියාත්මක වේ. විද්‍යා අංශය ආර් ඩී. ජයසූරිය මහතා භාරයේ ද පුස්තකාලය, ඩී එම් සී. රෝහිත මහතා භාරයේ ද පැවතිනි. ශිෂයනායක නායිකාවෝ 25 ක්ද, පන්ති නායක නායිකාවෝ හතලිස් දෙකක් ද විදුහලේ පාලනයට හවුල් වී තිබේ. ප්‍රධාන ශිශ්‍යනායක ලෙස කේ ඩබ්ලිව් රවීන්ද්‍ර ශිශ්‍යා ද ප්‍රධන ශිශ්‍ය නායිකාව ලෙස ආර් ඩී. පද්මාවතී ශිෂයාව ද වගකීම් ඉටු කළහ. සියලුම ශිශය ශිෂ්යාවන් සූර වීර ධීර වශයෙන් නිවාස තුනකට වෙන් වී සහයෝගයෙන් කටයුතු කලහ. වසර 1,2,3,4,5, 6, 7 8 9 10, 11, 12, 13 වශයෙන් වෙන වෙනම ළමයින් සිංහල සාහිතය සමිති බෞද්ධ ශිෂය ළමා සමිති වලට දෙසතියකට වරක් සහභාගී වූහ.6 වසරින් ඉහළ ළමයින් ක්‍රීඩා සමිතියක් ද 9 වසරෙන් ඉහළ ළමයින් ඉංග්‍රීසි සාහිත්‍ය ළමා සමිතියක් ද මසකට වරක් පවත්වති. පාසල් සමූපකාර සමිතිය වාරයකට වරක් රැස් වී තිබේ.
පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත්තේ දෙගුරුන්ගෙන් තෝරාපත්කරගත් ඩී එම්. අබේරත්න මහතාය. භාණ්ඩාගාරික ලෙස ගුරු මණ්ඩලයේ ඩී එම්. ජයතිලක මහතා කටයුතු කර ඇත. එක ගමකින් නියෝජිතයෙක් බැගින්දා 16 ක් කාරක සභාවට ඇතුලත් වී තිබේ. පාසලේ දියුණුව සඳහා පාසල් සංවර්ධන සමිතියෙන් නොමද සහයක් ලැබී තිබේ. මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම් ආරියරත්න මහතාගේ ද ඌව පළාත් සභා ඇමතිවරුන්ගේ ද, බඩල්කුඹුර ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන්ගේද, අනුග්‍රහය පාසලට ලැබී තිබේ. ඌව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ශක තුමා ගේ ද මොනරාගල අතිරේක පළාත් අධයාපන අධ්‍යක්ශක තුමාගේ ද මොනරාගල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ශක තුමා ගේ ද අධීක්ෂණය හා මඟ පෙන්වීම පාසල දියුණුවට අණ දීමක් වී ඇත.
පාසලේ අධ්‍යාපන සංවර්ධනයට එවකට තිබී ඇති ප්‍රධානම බාධකය වී ඇත්තේ විද්‍යාව, ගණිතය, කෘෂිකර්මය, ගෘහ විද්‍යාව, සංගීතය ආදී විෂයන් සඳහා අවශ්‍ය ගුරුවරු නොමැති කමයි. තිස් එකක් අනුමත ගුරු මණ්ඩලයේ පවතින හිඟය පිරිමහ ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියේ හා මොනරාගල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ අනුමැතිය ඇතිව ස්වේච්ඡා ගුරුවරු අටක් ද සේවයේ යෙදී සිටියහ.ගුරු සිසු දෙපිරිසකගේ පානය සඳහාත් විද්‍යාගාරයේ පරීක්ෂණ කටයුතු සඳහාත් අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකි වීම දෙවන බාධකය වී පැවතිනි. පිරිසුදු ජලය නොමැතිකම සෞක්‍යයට බලවත් තර්ජනයක් වී පවතින්නට ඇත. ධාවන පථයක් සකසා ගැනීමට තරම් ප්‍රමාණවත් වූ පිට්ටනියක් නොමැතිකමත් බාධකයක් වන අතර දරුවන්ගේ ධාවන පථය වී ඇත්තේ පස්සර පැල්වත්ත මහා මාර්ගයයි. මේ තත්වය අනතුරුදායකය. විදුලි බලය නොමැති නිසා විද්‍යාගාරය තුළ අවශ්‍ය පරීක්ෂණ සිදුකළ නොහැකිය.ගුරු හිඟය පියවීම ජල ප්‍රශ්නය විසඳීම ක්‍රීඩාපිටියක් ලබා දීම සහ විදුලි බලය සැපයීම ඉතා කඩිනමින් විසඳිය යුතු ප්‍රශ්න කිහිපයකි. ඈත එපිට දුෂ්කර ගම්මානවල සිට ශිල්ප හැදෑරීම සඳහා හිමිදිරි පාන්දර පා ගමනින් සැතපුම් ගණනක් දුර ගෙවා පා පාසලට පිය මනින දරුවන්ගේ යහපත සඳහා පර්ෂදය පාසල් දහතුනක මධ්‍යසිථානය මූලස්ථානය වශයෙන් තෝරාගෙන ඇති මො/ හිඟුරුකඩුව පර්ෂද මූලස්ථ මහා විදුහල හැකි ඉක්මනින් අංගසම්පූර්ණ විදුහලක් බවට පත් වේවායි එවකට සිටි සියලුම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ප්‍රර්ථනයයි.
![]() |
![]() |
|
ආරම්භ කළ වර්ෂය |
1920 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
17 |
|
මුල් ගුරුතුමාගේ නම |
පී.බී.එම්.බණ්ඩාරනායක මහතා |
|
පවත්වා ගෙන යන ලද ශ්‍රේණි |
1-5 දක්වා ශ්‍රේණි |
|
ආරම්භක ස්ථානය |
ග්‍රාමීය රෝහල අසල පොල් අතුවලින් සෙවිලි කල මඩුවක |
|
එවකට හැදුන්වූ නම |
බෞද්ධ මිශ්‍ර පාසල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආර්.එම්.කලුබණ්ඩා මහතා |
|
ලේඛන ගත වර්ෂ්‍ය |
1927 |
![]() |
![]() |









